fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මහමැතිවරණයේ ඡන්ද ගණන් කිරීම 06 වනදා උදෑසන 08ට ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor ජූනි 30, 2020 12:21

මහමැතිවරණයේ ඡන්ද ගණන් කිරීම හය වනදා උදෑසන 08ට ආරම්භ කරන බව මැතිවරණ කොමිසමේ සභාපති  මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළා.

මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග දැන් පැවැත්වෙන හමුවේදීයී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. මහමැතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵලය 06 වනදා හවස 02 වන විට ලබා දිය හැකි බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළා.

එමෙන්ම ආසන ප්‍රතිඵලය පස්වරු 04 වන විට ලබාදිය හැකි අතර සමස්ථ ප්‍රතිඵලය මධ්‍යම රාත්‍රිය වන විට ලබාදිය හැකි බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.

අවසන් ප්‍රතිඵලය රාත්‍රී 08 වන විට ලබාදීමට උත්සාහ ගන්නා බවත් අසීරුතා රැසක් පවතින බවත් මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් කියා සිටියා.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 30, 2020 12:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්