TikTok ඇතුළු චීන දුරකතන යෙදවුම් 59 ක් තහනම් කිරීමට ඉන්දීය රජය පියවර ගෙන තිබෙනවා.
මෙම දුරකතන යෙදවුම් හේතුවෙන් රටේ ස්වෛරීභාවයට ආරක්ෂාවට සහ මහජන සාමය යන කරුණුවලට අගතියක් සිදුවන බව නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය රජය පවසනවා. ඒ අනුව TikTok, WeChat, UC Browser වැනි චීන නිෂ්පාදිත යෙදවුම් 59 ක් තහනම් කර තිබෙනවා.
විශේෂයෙන් කාශ්මීරයේ ලඩාක් කලාපයේ ඉන්දීය සහ චීන ගැටුම් උත්සන්න වීම හේතුවෙන් මෙම තහනම ක්රියාත්මක කර ඇති බවයි වාර්තා වන්නේ. පසුගිය 15 වනදා ඇති වූ ගැටුම් හේතුවෙන් ඉන්දිය හමුදා සාමාජිකයින් විසිදෙනෙකු මියගියා. සිද්ධියෙන් අනතුරුව අදාළ ප්රදේශයේ ආරක්ෂාව තර කිරීමට ඉන්දීය රජය කටයුතු කළා.