fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උපකාරක පන්ති ගැටලුවලට ජනපතිගෙන් කඩිනම් විසඳුම්

ITN News Editor
By ITN News Editor ජූනි 30, 2020 11:54

උපකාරක පන්ති ගුරුවරුන්ගේ ඉල්ලීම් රැසකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කඩිනමින් විසඳුම් ලබා දුන්නා. ඒ අනුව කාල පරාස දෙකකදී සිසුන් 500 කට ඉගැන්වීමේ අවස්ථාව  ලබාදී තිබෙනවා.

උපකාරක පන්ති යළි ආරම්භ කිරීමේදී පැන නැගී ඇති ගැටළු පිළිබඳ සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දැනුවත් කළා.දහසකට අධික සිසුන් සංඛ්‍යාවකට අධ්‍යාපනය ලබා දුන් උපකාරක පන්ති සිසුන් 250 කට සීමා කිරීම අසීරු බව දේශකවරුන් පෙන්වා දුන්නා. ඒ පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපතිතුමා සෞඛ්‍ය විශේෂඥයන්ගේද උපදෙස් ඇතුව කාල පරාස දෙකකදී සිසුන් 500 කට ඉගැන්වීම සඳහා අවසර  ලබා දී තිබෙනවා.

පාස්කු ප්‍රහාරය මෙන්ම කොරෝනා වසංගතය හේතුවෙන් උසස්පෙල හා සාමාන්‍ය පෙළ සඳහා පෙනී සිටින සිසුන්ට මාස පහ හමාරකට අධික කාලයක් අධ්‍යාපනය ලැබීමට නොහැකි වුණා. 05 වසර ශිෂ්‍යත්වයට පෙනී සිටින දරුවන් ද එවැනිම තත්ත්වයකට මුහුණදී සිටිනවා. මෙම තත්ත්වය හමුවේ විභාග පැවැත්වීමේ දින වෙනස් කිරීමට අවදානය යොමු කරන ලෙසද ගුරුවරුන් ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියා. පාසල් වසා තැබීම හේතුවෙන් විෂය නිර්දේශ ආවරණය කිරීමට නොහැකි වීම පිළිබඳ ගුරුවරුන් දෙමව්පියන් මෙන්ම සිසුන්ද අවස්ථා ගණනාවකදී ජනාධිපතිතුමාට කරුණූ ඉදිරිපත් කළා. වැඩි ප්‍රශ්න සංඛ්‍යාවක් ප්‍රශ්න පත්‍ර තුළට ඇතුළත් කර සිසුන්ට තෝරාගැනීමේ අවස්ථාව ලබාදීමේ හැකියාව පිළිබඳ සොයා බලන ලෙස ජනාධිපතිතුමා විභාග කොමසාරිස්තුමාට දැනුම් දුන්නා. 24 %ක් වන අධ්‍යාපන සේවා බදු ප්‍රතිශතය සංශෝධනයට උපකාරක පන්ති ගුරුවරුන් කළ ඉල්ලීම සළකා බැලීඹට ජනාධිපතිතුමා එකඟ වුණා. උපකාරක පන්ති ප්‍රචාරණය සඳහා අත්පත්‍රිකා බෙදා හැරීම සෞඛ්‍ය නිර්දේශයන්ට යටත්ව කිරීමට ජනාධිපතිතුමා අනුමැති ලබා දුන්නා. පොහෝ දිනවල උපකාරක පන්ති සම්පූර්ණයෙන්ම නතර කිරීමට ගුරුවරුන් කැමැත්ත පළ කළා.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 30, 2020 11:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්