fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්තගේ ස්ථාන මාරුවට අනුමැතිය

ITN News Editor
By ITN News Editor ජූනි 30, 2020 09:11

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා පොලිස් සුබසාධක කොට්ඨාසය වෙත  මාරු කිරීමට වැඩබලන පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා නිර්දේශ කර තිබෙනවා.

එම නිර්දේශ ජාතික පොලිස් කොමිෂන් සභාවට යොමු කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ. පොලිස් කොමිසම අනිද්දා දිනයේ රැස්වීමට නියමිතයි. එහිදී මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා මාරු කිරීම සම්බන්ධයෙන් අවසන් තිරණයක් ගන්නා බවයි පොලිස් කොමිසමේ ලේකම් නිශාන්ත වීරසිංහ මහතා සඳහන් කළේ.

එමෙන්ම මෙම නිර්දේශය මැතිවරණ කොමිෂන් සභාව  වෙතද යොමු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා. සජීව මැදවත්ත මහතාගෙන් හිස්වන ධුරය සඳහා නියෝජ්‍ය පොලිස්පති ජී.කේ.ජේ අපොන්සු මහතාගේ නම යෝජනා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කළා. එහෙත් ඒ සඳහා ද ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය මේ වන විටත් ලැබී නැති බවද ඒ මහතා සඳහන් කළා. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වීමේ චෝදනා යටතේ  පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ 04 දෙනෙකුගේ වැඩ තහනම් කෙරුණා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 30, 2020 09:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්