fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රවී කරුණානායක ඇතුලු පිරිස ඉදිරිපත් කළ රීට් පෙත්සම් සලකා බැලේ

ITN News Editor
By ITN News Editor ජූනි 29, 2020 19:34

මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් එවකට හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුලු පිරිසක් අත්අඩංගුවට ගන්නා ලෙස නිකුත් කර ඇති වරෙන්තුව ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් ක්‍රියාත්මක කරන්නේ ද නැද්ද යන නියෝගය ලබන මස 7 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය නිවේදනය කළා.

ඒ රවී කරුණානායක මහතා ඇතුලු පිරිසක් ඉදිරිපත් කළ රීට් පෙත්සම් දීර්ඝ ලෙස සලකා බැලීමෙන් අනතුරුවයි. පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කියාසිටියේ මෙම වරෙන්තු නිකුත් කිරීමේදී කොටුව මහේස්ත්‍රාත්වරයා පක්‍ෂග්‍රාහීව කටයුතු කර ඇති බවයි. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා මෙම පෙත්සම් විභාගයට නොගෙන නිශ්ප්‍රභ කරන ලෙස ඉල්ලා සිටියා. ඔහු කියා සිටියේ අදාළ මහේස්ත්‍රාත්වරයා පක්‍ෂග්‍රාහීව ක්‍රියා කර නැති බවයි.

ITN News Editor
By ITN News Editor ජූනි 29, 2020 19:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්