fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,039ක් දක්වා ඉහළට

ITN News Editor
By ITN News Editor ජූනි 29, 2020 18:18

මෙරටින් හඳුනාගත් කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 2,039 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ වන විට මෙරට සමස්ත ආසාදිතයන්ගෙන් 1678 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. තවත් පුද්ගලයන් 350 දෙනෙකු රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබනවා.

මේ අතර විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් දිවයිනට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළ තවදුරටත් ක්‍රියාත්මක වනවා. අද දිනයේ ද ශ්‍රී ලාංකිකයන් 288 දෙනෙකු දිවයිනට පැමිණියා. ඒ ඕමානයේ මස්කට් අගනුවර සිටයි. ගුවන් තොටුපොළේදී PCR පරීක්‍ෂණවලින් අනතුරුව ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණා.

මාලදිවයිනේ සිට 179 දෙනෙකු මත්තල ගුවන්තොටුපලින් දිවයිනට පැමිණියා. ඒ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයකින්. මාලදිවයිනේ රැකියා සඳහා පිටත්ව ගොස් සිටි පිරිසකුයි මෙලෙස රැගෙන එනු ලැබුවේ. ඔවුන්ද PCR පරීක්‍ෂණවලින් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණා.

ITN News Editor
By ITN News Editor ජූනි 29, 2020 18:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්