fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කුරුණෑගල පැරණි රජ මාලිගා පරිශ්‍රය කෞතුකාගාරයක් ලෙස ස්ථාපනය කරන්න අගමැතිගෙන් උපදෙස්

ITN News Editor
By ITN News Editor ජූනි 29, 2020 18:49

කුරුණෑගල පැරණි රජ මාලිගා පරිශ්‍රය කෞතුකාගාරයක් ලෙස ස්ථාපනය කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දී තිබෙනවා.

1293 වසරේ ආරම්භ වූ කුරුණෑගල රාජධානියේ 1333 දක්වා රජවරුන් 04 දෙනෙකු පාලනය කළ බව ඉතිහාසයේ සඳහන්. ඉංග්‍රීසීන් විසින් ඉදිකරන ලද කුරුණෑගල රජමාලිගය වසර 200 ක් පැරණි ස්ථානයක්. පැරණි උරුමයන් ආරක්ෂා වන පරිදි එය කෞතුකාගාරයක් බවට පත් කළ යුතු බවටයි අග්‍රාමාත්‍යවරයා උපදෙස් දී ඇත්තේ. කුරුණෑගල රාජධානියේ ඓතිහාසික තොරතුරු ලබාගත හැකි වන පරිදි තොරතුරු මධ්‍යස්ථානයක් පිහිටු වීමටද සැළසුම් කර තිබෙනවා. කුරුණෑගල රජය සමයේ දන්ත ධාතුන් වැඩසිටියේද , දෙතිස්ඵල බෝධීන්ගෙන් එක් බෝධියක් රෝපණය කර ඇත්තේද මෙම ස්ථානයේයි. කුරුණෑගල පැරණි රජ මාලිගය  පරිශ්‍රය කෞතුකාගාරයක් බවට පත් කිරීමේ ව්‍යාපෘතියට ඇස්තමේන්තු ගත මුදල රුපියල් මිලියන 350 ක්.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 29, 2020 18:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්