fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහකොමසාරිස් අගමැති හමුවෙයි

ITN News Editor
By ITN News Editor ජූනි 29, 2020 17:59

ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහකොමසාරිස් ඕමාර් අබ්දුල් රසාක් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අද මුණ ගැසුණා. ඒ අරලියගහ මන්දිරයේදීයි.

ලබන මස 15 වනදා මාලදිවයින නැවත විවෘත කිරීමට නියමිත බැවින් එරට හෝටල් ක්ෂේත්‍රයේ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන්ට සුපුරුදු පරිදි සේවයේ යෙදීමට ඉඩ සැලසෙන බවයි මහකොමසාරිස්වරයා මෙහිදී කියාසිටියේ. ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පහළොස්දහසත් විසිදහසත් අතර සංඛ්‍යාවක් මාලදිවයිනේ මේ වන විට සේවය කරන බව ද ඕමාර් අබ්දුල් රසාක් මහතා සඳහන් කළා. මාලදිවයින යළි විවෘත කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳ සුබපැතූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා එරට සංචාරක ක්ෂේත්‍රය යථා තත්ත්වයට පත්වනු ඇති බව ද කියාසිටියා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 29, 2020 17:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්