fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ETI හා ද ෆිනෑන්ස් ගැන අදම නීති උපදෙස් ගන්න – තැන්පත්කරුවන්ට සාධාරණය ඉටු කරන්න

ITN News Editor
By ITN News Editor ජූනි 29, 2020 17:43

ETI මූල්‍ය සමාගම  සහ ද ෆිනෑන්ස් ආයතනය සම්බන්ධව අදම නීති උපදෙස් ගෙන තැන්පත් කරුවන්ට සාධාරණය ඉටු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මහබැංකු නිලධාරීන්ට උපදෙස් දුන්නා.

ETI සහ ද ෆිනෑන්ස් තැන්පත්කරුවන්ට මුදල් ගෙවන ආකාරය පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්  සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ් ජනාධිපති කාර්යාලයේදීයි. ආයතන දෙකෙහිම ලක්ෂ 6ට අඩු වටිනාකමක් හිමි තැන්පත් හිමියන්ට ගෙවීම් අවසන් කිරීම පළමු අදියර යටතේ සිදුකෙරෙනවා. ආයතන දෙක සතු සියලු දේපළ අත්පත් කරගෙන හෝ සෙසු ගනුදෙනුකරුවන්ට ද සාධාරණය ඉටු කළ යුතුබවයි ජනාධිපතිතුමා අවධාරණය කළේ.  නඩු පැවරීමකින් තොරව මෙම දේපළ පවරාගෙන ජනතාවට හිමි මුදල් ගෙවන බව ජනාධිපතිතුමා පැවසුවා. මීළඟ මුදල් මණ්ඩල රැස්වීමේදී ජනතා චෝදනා හා දුක්ගැනවිලි විමර්ශනය කොට උපරිම විසඳුම් ලබාදෙන බවට මහබැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්  ඩී ලක්ෂ්මන් මහතා මෙහිදී සහතික වුණා. මූල්‍ය ආයතනවලට ණය ගෙවීම් පැහැර හරින පුද්ගලයන්ට ඒරෙහිව දැඩිව ක්‍රියාකරන බවද ජනාධිපතිතුමා අවධාරණය කලා.

ITN News Editor
By ITN News Editor ජූනි 29, 2020 17:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්