fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

The Newspaper චිත්‍රපටයේ විශේෂ දර්ශනය නැරඹීමට ජනපති හා අගමැති එක්වෙති

ITN News Editor
By ITN News Editor ජූනි 29, 2020 15:59

The Newspaper චිත්‍රපටයේ විශේෂ දර්ශන වාරය නැරඹීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද  එක්වුණා.

කොළඹ One Galleface- PVR සිනමා ශාලාවේදී මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරුණේ ඊයේ පස්වරුවේයි. සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර යන කලාකරුවන්ගේ සම අධ්‍යක්ෂනයක් වූ The Newspaper චිත්‍රපටයෙහි සම නිශ්පාදනය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන , රවීන්ද්‍ර ගුරුගේ සහ එච් ඩී ප්‍රේමසිරි යන මහත්වරුන්ගේයි.

ලබන දෙවන දා සිට දිවයිනේ සියලු සිනමා ශාලාවල The Newspaper චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරෙනවා. එදින පෙරවරු 10.30 ප්‍රථම දර්ශනය ජනතාවට  නොමිලේ නැරඹිය හැකියි. කොවිඩ් මර්දනයට සහාය වන සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට , ත්‍රිවිධ හමුදාවට, පොලිසියට සහ මාධ්‍ය වේදීන්ටද තම නිල හැදුනුම්පත භාවිත කරමින් එක් වතාවත් සිනමා පටය නොමිලේ නැරඹිය හැකියි.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 29, 2020 15:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්