කොවිඩ් 19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ නාවික හමුදා සාමාජිකයන් 3 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබෙනවා.
ඒ අනුව සුවය ලැබූ සමස්ත නාවික හමුදා සාමාජිකයන් සංඛ්‍යාව 826 ක් දක්වා ඉහළ ගියා. රෝහල්වලින් ඔවුන් පිටව ගිය ද සෞඛ්‍ය උපදෙස් මත දින 14 ක කාලයක් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.