බස් ප්රමුඛතා මංතීරු තුන්වන අදියර අද ආරම්භ වුණා. නුවර පාරෙන් හා මීගමු පාරෙන් කොළඹ ට ඇතුළුවන බස් රථ ඉගුරුකඩේ හන්දියේ සිට නියමිත මංතීරුවෙහි ධාවන කළ යුතුයි.
අද සිට පෙරවරු 6.00 සිට 9.00 දක්වා මංතීරු නීතිය ක්රියාත්මක බවයි ජේෂ්ඨ මහාචාර්ය අමල් කුමාරගේ මහතා පවසන්නේ. මෙහි පළමු අදියර මොරටුව සිට කොටුව දක්වාත් දෙවන අදියර බොරැල්ල සිට කොටුව දක්වාත් ආරම්භ කෙරුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/ho_SR7lHmSI”]