නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා තවදුරටත් සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම අනිවාර්යය වනවා. ඒ අනුව පොදු ස්ථානවලදී මුඛ ආවරණ පැළඳීම අඛණ්ඩව සිදුවිය යුතු බවයි සෞඛ්‍ය හා ආරක්ෂක අංශ අවධාරණය කරන්නේ.
පොදු ස්ථානවල මෙන්ම මහා මාර්ගයේ ගමන් කිරීමේදී මුඛ ආවරණ පළදින්නේ නැති පුද්ගලයන් සොයා ගාල්ල පොලීසිය විශේෂ පරීක්ෂා කිරීමක් සිදු කළා. එසේ මුඛ ආවරණ පළදින්නේ නැති පුද්ගලයන් නිරෝධායන පනත යටතේ දින 14 ක කාලයක් නිරෝධායනයට යොමු කළ හැකි බවට පොලීසිය එහිදී ජනතාව දැනුවත් කළා.
මේ අතර හක්මණ මහජන පොළේ වෙළෙඳාමේ නිරත ව්‍යාපාරිකයන් මෙන්ම භාණ්ඩ මිලදී ගැනීමට පැමිණි 40 දෙනෙකුට පොලීසිය දැඩි ලෙස අවවාද කළා. ඔවුන් මුඛ ආවරණ පැළඳ නොසිටීම ඊට හේතුවයි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහාය ද මේ සඳහා ලැබී තිබුණා.