ප්‍රංශ නගර සභා ඡන්ද විමසීමේ දෙවන වටය අද පැවැත්වෙනවා.
නව්‍ය කොරෝනා වෛරසය හේතුවෙන් මෙම ඡන්ද විමසීම මාස 3 ක පමණ කාලයකට කල් දැමුණා. පළමු වටයේ ඡන්ද විමසීම පැවැත්වුණේ මාර්තු මස 15 වනදායි. දෙවන වටය පැවැත්වීමට සැලසුම් කර තිබුණේ මාර්තු 22 වනදා වුව ද උද්ගත වූ තත්ත්වය හමුවේ එය කල් දැමීමට ප්‍රංශ මැතිවරණ බලධාරීන් පියවර ගත්තා. මෙය ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන්ගේ ජනප්‍රියත්වය උරගා බැලෙන ඡන්ද විමසීමක් ලෙසට ද සැලකෙනවා. ප්‍රංශයේ දිස්ත්‍රික් 4820 ක නගර සභා ඡන්ද විමසීම පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ. එරට මීළඟ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව තිබෙන්නේ 2022 වසරේදීයි.