කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 821 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මෙරටින් හදුනා ගත් කොරෝනා වෛරසය ආසාදනය වූ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 904 ක්. එම පිරිසෙන් 821 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව නාවික හමුදා මූලස්ථානය සදහන් කළා.
ඒ අනුව තවත් නාවික හමුදා සාමාජිකයින් 83 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා.