ඊයේ (26) පස්වරු හයේ සිට අද (27) අලුයම පහ දක්වා සිදුකළ වැටලීම්වලදී සැකකරුවන් 409 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හෙරොයින් ළඟ තබාගත් පුද්ගලයින් 175 ක්, ගංජා සමඟ පුද්ගලයින් 103 ක් සහ මත්පැන් සමඟ පුද්ගලයින් 96 ක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වුණා.
බස්නාහිර පළාත භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි වැටලීම සිදුකළ බවයි පොලීසිය පවසන්නේ.