fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප‍්‍රංශයේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව ඉහළට

ITN News Editor
By ITN News Editor ජූනි 27, 2020 09:33

ප‍්‍රංශයේ නව්‍ය කොරෝනා රෝගීන්ගේ ඉහළ යාමක් දැකිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙනවා.

ගතවූ පැය කිහිපයේදී රෝගීන් 1500 කට වැඩි පිරිසක් වාර්තාවූ බව ප‍්‍රංශය තහවුරු කළා. එය පසුගිය මැයි 30 වනදායින් පසු වාර්තාවූ වැඩිම අගයක් බවයි ප‍්‍රංශ බලධාරීන් පවසන්නේ.

ඇමරිකාවේ ප‍්‍රාන්ත 16 ක ද නව්‍ය කොරෝනා රෝගීන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව එරට උප ජනාධිපති මයික් පෙන්ස් ප‍්‍රකාශ කළා. ජනතාව සෞඛ්‍ය ආරක්ෂිතව කටයුතු කළයුතු බවයි ඔහු පෙන්වාදෙන්නේ.

මෙක්සිකෝවේ ආර්ථිකය වාර්තාගත ලෙස පහළ ගොස් තිබෙනවා. පසුගිය මාස කිහිපයකට වඩා සියයට 17 කින් එය බිඳවැටී ඇති බවයි විදෙස් වාර්තා ප‍්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor ජූනි 27, 2020 09:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්