සියලුදෙනා නිරෝධායන නීතින්ට අනුකූලව කටයුතු කළයුතු බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.
මෙතෙක් පිළිපදින ලද සෞඛ්‍ය පුරුදු අඛණ්ඩව පවත්වාගෙන යායුතු බවයි අජිත් රෝහණ මහතා පෙන්වාදෙන්නේ.
මේ වනවිට මෙරටින් වාර්තා වන නව්‍ය කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2014 ක්. ඉන් 1619 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා පිටත්ව ගොස් තිබෙනවා. තවත් 384 දෙනෙක් ප්‍රතිකාර ලබන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.
බංගලිදේශයේ රැඳීසිටි ශ්‍රී‍්‍ර ලාංකිකයින් 230 දෙනෙකු මෙරටට රැගෙන ඒමට පියවර ගත්තා. ඒ ශ්‍රී‍්‍ර ලන්කන් විශේෂ ගුවන් යානයකින්.