fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රදේශ රැසකින් හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජූනි 27, 2020 09:11

දිවයිනේ ප්‍රදේශ රැසකින් හෙරොයින් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒත් සමගම සැකකරුවන් කිහිප දෙනෙකුම අත්අඩංගුවට ගැනීමට පොලීසිය හා විශේෂ කාර්ය බලකාය සමත් වුණා.

පෑලියගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව කළ වැටලීම් දෙකක් සිදු කළා. එක් වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 50යි මිලිගෑම් 470 ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනුණා.

තවත් ස්ථානයකදී හෙරොයින් ග්‍රෑම් 12 මිලිග්‍රෑම් 690 ක් සොයා ගෙන තිබෙනවා. සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට  ගැනීමට පොලීසිය සමත් වුණා.

හොරණ ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකාය කළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 31 යි මිලිග්‍රෑම් 560 ක් සමග අත්අඩංගුවට ගත් සැකකරු ඉංගිරිය පොලීසිය භාර කෙරුණා.

බදුල්ල කලුගල්පිටිය ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 325 ක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මූලස්ථානය නිවේදනය කරන්නේ.

තවත් ස්ථාන කිහිපයකදී මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 27, 2020 09:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්