fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තවත් දිස්ති‍්‍රක්ක දෙකක නිල ඡන්ද පති‍්‍රකා අද මැතිවරණ කොමිසමට

ITN News Editor
By ITN News Editor ජූනි 27, 2020 08:57

දිස්ති‍්‍රක් දෙකක ඡන්ද පති‍්‍රකා අද (27) කොමිසමට භාරදෙන බව රජයේ මුද්‍රණාලයාධිපති ගංගානි ලියනගේ මහත්මිය ප‍්‍රකාශ කළා.

ඊට මහනුවර සහ ති‍්‍රකුණාමලය දිස්ති‍්‍රක්ක ඇතුලත්. මේ වනවිට දිස්ති‍්‍රක් 21 ක නිල ඡන්ද පති‍්‍රකා මුද්‍රණය අවසන් කර තිබෙනවා. දිස්ති‍්‍රක් 16 ක ඡන්ද පති‍්‍රකා කොමිසමට භාරදී ඇති බවයි රජයේ මුද්‍රණාලය පවසන්නෙ.

මේ අතර මැතිවරණ කොමිසම ලබන අඟහරුවාදා යළි රැස්වනවා. ඒ ඡන්ද විමසීම පැවැත්වෙන කාලසීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට. මහ මැතිවරණයට අදාළ පෙරහුරු අත්දැකීම් සාකච්ඡා කිරිමට විශේෂ හමුවක් ද කැඳවා තිබෙනවා. ඊට සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් සහ තේරීම්භාර නිලධාරීන් සහභාගීවීමටයි නියමිත.

 

ITN News Editor
By ITN News Editor ජූනි 27, 2020 08:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්