මෙරටින් මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් කිරීමට නිසැකයෙන්ම කටයුතු කරන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා.
අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලය යටතේ පවතින අත්තනගල්ල, ඌරපොල, නවදිගන්තය ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පහසුකම් වර්ධනය කරමින් නව ගොඩනැගිලි ඉදිකිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කළ අවස්ථාවේදීයි ආරක්ෂක ලේකම්වරයා කියාසිටියේ. සේවා ලාභීන් දහසකට එකවර ප්‍රතිකාර කිරීමට හැකිවන ආකාරයට මෙම මධ්‍යස්ථානයේ පහසුකම් වර්ධනය කෙරෙනවා.
එක්සත් ජාතීන්ගේ අපරාධ හා මත්ද්‍රව්‍ය පිළිබද සංවිධානයේ මෙන්ම ජර්මන් රජයේ අනුග්‍රහයෙන් ඉදිකිරීම් සිදුවනවා. ඒ සදහා ශ්‍රම දායකත්වය ලබාදෙන්නේ නාවික හමුදාවයි.
මත්ද්‍රව්‍ය හා නීති විරෝධී ප්‍රවාහනය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනයට සමගාමීවයි මෙම උත්සවය පැවැත්වුණේ. මත්ද්‍රව්‍යට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනයට අදාළව දුරකතන මෘදුකාංගයක් හදුන්වාදීම හා යූ ටියුබ් නාලිකාවක් ආරම්භ කිරීම ද මෙහිදී සිදුවුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/MxlKHu4OyqE”]