දිස්ත්‍රික් 21 ක නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන් කර ඇතැයි රජයේ මුද්‍රණාලය ප්‍රකාශ කළා.
දිස්ත්‍රික් 16 ක ඡන්ද පත්‍රිකා මේවන විට මැතිවරණ කොමිසමට භාරදී තිබෙනවා. මහනුවර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්වල පත්‍රිකා හෙට දිනයේදී භාරදෙන බවයි මුද්‍රණාලයාධිපති ගංගානි ලියනගේ මහත්මිය සදහන් කළේ.
මේ අතර මැතිවරණ කොමිසම ලබන අඟහරුවාදා (30) යළි රැස්වනවා. ඒ ඡන්ද විමසීම පැවැත්වෙන කාලසීමාව දීර්ඝ කිරිම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට. මාධ්‍ය ප්‍රධානීන් ද එදිනට මැතිවරණ කොමිසමට කැදවා ඇති බවයි කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙකු සදහන් කළේ.
මහ මැතිවරණයට අදාලව පැවති පෙරහුරුවල අත්දැකීම් සාකච්ඡා කිරිමට විශේෂ හමුවක් ද සංවිධාන කර තිබෙනවා. ඒ දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරුන්, තේරිම්භාර නිලධාරින් ඇතුලු පිරිසකගේ සහභාගීත්වයෙන්.
මෙම හමුව ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අනිද්දා (28) පැවැත්වීමටයි සැලසුම් කර තිබෙන්නේ. තවත් ඡන්ද පෙරහුරුවක් මොනරාගල දිස්ත්‍රික්කයේදී හෙට පැවැත්වෙනවා.