වසා දමා තිබූ පන්නෙගමුව සහල් සැකසුම් මධ්‍යස්ථානය යළි විවෘත කිරීමට පියවර ගැණුනා.
කලක් තිස්සේ වසාදමා තිබූ පන්නෙගමුව සතොස සහල් නිෂ්පාදනගාරය යළි ආරම්භ කෙරුණේ සතොස නියෝජ්‍ය සභාපති තුෂාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. 1998 වසරේ ඉන්දීය රජයේ ආධාර මත ඉදිකළ මෙම සහල් සැකසුම් මධ්‍යස්ථානය විශාල යන්ත්‍රෝපකරණ වලින් සහ ගබඩා පහසුකම්වලින් සමන්විතයි.
පරීක්ෂණ මට්ටමේ කටයුතු මෙසේ ආරම්භ වූ අතර ලබන 2 වනදා සිට සහල් නිෂ්පාදනය ආරම්භ කිරීමටයි කටයුතු යොදා තිබෙන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/jasyRPNS494″]