fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සුදුවෑන් ගැන කිඹුල් කදුළු හෙළූ සරත් කුමාරටත්, අතුලටත් වරෙන්තු

ITN News Editor
By ITN News Editor ජූනි 26, 2020 11:53

පසුගිය ජනාධිපතිවරණ සමයේ මහත් ආන්දෝලනයට තුඩුදුන් සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාවට අදාළ සිද්ධියේ සැකකරුව් ලෙස නම් කර ඇති සරත් කුමාර සහ අතුල සංජීව මදනායක යන දෙදෙනාට වරෙන්තු නිකුත් කෙරුණා.

ඔවුන් අද (26) දිනයේ පැවති නඩු විභාගයට පෙනී නොසීටීම හේතුවෙන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා මෙම නියෝගය ලබා දුන්නා.

මෙම පැමිණිල්ලේ තුන්වන හා 04 වන සැකකරුවන් ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි යන අය අද (26) අධිකරණය හමුවේ පෙනී සිටියා. එහිදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කළේ සරත් කුමාර සහ අතුල සංජීව මදනායක යන අය කොල්ලකෑම් සිද්ධයක් සම්බන්ධයෙන් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව දැනගන්නට ලැබුනද ඒ බව නිල වශයෙන් දැනුම් දී නැති බවයි.

සැකකරු වෙනුවෙන් කිසිදු නීතිඥවරයකුද පෙනී සිටියේ නැහැ. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේසත්‍රාත්වරයා මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙසට වරෙන්තු නිකුත් කළා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 26, 2020 11:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo