fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රූපලාවන්‍ය ශිල්පීන්ගේ ගැටලු විසඳීමට ජනපති මැදිහත් වෙයි

ITN News Editor
By ITN News Editor ජූනි 26, 2020 09:24

කුඩා ව්‍යාපාරිකයන්ට නැඟීසිටීම සඳහා නිදහස ලබාදිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කළා.

රජය අනවශ්‍ය ලෙස මැදිහත්වීමෙන් කුඩා පරිමාණ ව්‍යාපාරවල දියුණුවට බාධා විය හැකි බවයි ජනාධිපතිතුමා පෙන්වාදෙන්නේ. අවශ්‍ය වන්නේ පහසුකම් සහ නිපුණතා සංවර්ධනයට සහයවීම බව ද ජනාධිපතිතුමා කියාසිටියා. ඒ රූපලාවන්‍ය සහ කේශාලංකරණ ශිල්පීන්ගේ ගැටලු සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකට එක්වෙමින්.

රූපලාවන්‍ය හා කේශාලංකරණ ක්ෂේත‍්‍රයේ වෘත්තීභාවය වැඩිදියුණු කිරීම, මූලික පහසුකම් සැලසීම හා වෙළෙද ප‍්‍රවර්ධන හැකියාව ලබාදීම රජයේ වගකීම බවයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එහිදී සඳහන් කළේ. බොහෝදෙනාගේ ඉල්ලීම මත ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සහය රූපලාවන්‍ය ක්ෂේත‍්‍රයට ලබාදීමට ජනාධිපතිතුමා එකඟතාව පළකළා.

රටපුරා ඇති සුළු, මධ්‍ය හා මහා පරිමාණ රූපලාවන්‍ය මධ්‍යස්ථාන සංඛ්‍යාව අනූ හයදහසක්. ලක්ෂ හතරහමාරකට අධික පිරිසක් ඒවායෙහි සේවයේ නිරත වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ඔවුන්ගෙන් යැපෙන පවුල් සංඛ්‍යාව ලක්ෂ 15 ක්. රූපලාවන්‍ය, වෘත්තියක් ලෙස ගුණාත්මකව පවත්වාගෙන යාමට අවශ්‍ය පුහුණුව ලබාදීම පිළිබදව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා.

ක්ෂේත‍්‍රයේ ගැටලු පිළිබද අවබෝධ කරගෙන සිටීම සම්බන්ධයෙන් රූපලාවන්‍ය ශිල්පීන් ජනාධිපතිතුමාට සිය ප‍්‍රශංසාව පළකර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජූනි 26, 2020 09:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්