fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇරිසෝනා ප්‍රාන්තයේ ටක්සන්හි පොලිස් ප්‍රධානියා ඉල්ලා අස්වෙයි

ITN News Editor
By ITN News Editor ජූනි 25, 2020 15:35

ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇරිසෝනා ප්‍රාන්තයේ ටක්සන් හි පොලිස් ප්‍රධානියා ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. ඒ ලතින් සම්භවයක් ඇති පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවේදී මිය යාමේ සිද්ධියකට අදාලවයි.

කාලෝස් ඉන්ග්‍රැම් ලෝපේස් නමැති 27 හැවිරිදි පුද්ගලයෙකු පසුගියදා පොලිස් අත්අඩංගුවේ සිටියදී මරණයට පත්ව තිබෙනවා. මාංචු දමා ඔහුගේ හිස පහතට සිටින සේ රඳවා තැබීම හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

ඊට අදාළ වීඩියෝවක්ද ප්‍රසිද්ධියට පත්වීමෙන් පසු ටක්සන් හි පොලිස් ප්‍රධානියා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබෙනවා. මිය ගිය පුද්ගලයා තමන්ට හුස්ම ගැනීමට නොහැකි බව පවසන අතර වතුර ඉල්ලමින් කෑ ගසන ආකාරය වීඩියෝවේ සටහන් වී තිබුණා. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් තුන් දෙනෙකු සිය ධුර වලින් මේ වන විටත් ඉල්ලා අස්වී තිබෙනවා. දැනට සිදුකර ඇති පරික්ෂණ අනුව වැරදි කිහිපයක් යටතේ අදාළ පොලිස් නිලධාරීන්ට එරෙහිව නීති ක්‍රියාමාර්ග ගැනිමට කටයුතු යොදා ඇති බවයි වාර්තා වන්නේ.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 25, 2020 15:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්