අපරාධ නිවාරණය සම්බන්ධව සිදු කළ වැටලීම්වලදී හෙරොයින් ලඟ තබාගැනීමේ චෝදනාව මත සැකකරුවන් 4734 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය 06 වනදා සිට ඊයේ දිනය දක්වා සිදු කළ වැටලීමේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.
මිරිහාන එදිරිසිංහ මාවතේදී හා තලවතුගොඩ ප්‍රදේශවලදී කළ වැටලීමකද මත්ද්‍රව්‍ය ලඟ තබා ගත් සැකකරුවන් අත්අඩංගුවට ගැනුනා. මේ අතර ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේද මත්ද්‍රව්‍ය වැටලීමක් සිදු කෙරුණා. මෙම වැටලීමේදී ගංජා ලග තබාගැනීම සම්බන්ධයෙන් සැකකරුවන් 3397 දෙනෙකු සහ අයිස් මත්ද්‍රව්‍ය ලඟ තබාගත් පුද්ගලයින් 330 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගත්තා. අවිආයුධ ලඟ තබාගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් සැකකරුවන් 65 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය ප්‍රකාශ කළේ නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනයට අදාළව සැකකරුවන් 7150 දෙනෙකු අත්අඩංගුවට ගත්තා මෙම වැටලීමේදී අත්අඩංගුවට ගත් වරෙන්තුකරුවන් සංඛ්‍යාව 6750 ක්. වෙනත් වැරදි සදහා සැකකරුවන් 12054 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරනවා.