ස්වසන ආධාරක ලබාදීමට නොහැකි වීම හේතුවෙන් අලුත උපන් දෙදෙනෙකු මරණයට පත්වූ පුවතක් පේරු රාජ්‍යයයෙන් වාර්තා වනවා.
එම බිළිඳුන් දෙදෙනාගේ ජීවිත බේරා ගැනීමට රෝහල් කාර්ය මණ්ඩලය මහත් පරිශ්‍රමයක් දරණ ආකාරය එරට මාධ්‍ය වාර්තා කර සිටියා. කොරෝනා ආසාදිතයින් සඳහා රෝහල් තුළ පවතින සියලු පහසුකම් සැපයීමට සිදුවීම හේතුවෙන් අනෙකුත් රෝගීන්ට අවශ්‍ය පහසුකම් ලබා දීම පිළිබඳ ගැටලු පැන නැගී ඇති බවයි බලධාරීන් පවසන්නේ. මේ වන විට එරටින් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව දෙලක්ෂ හැට දහස ඉක්මවා තිබෙනවා.