රාජ්‍ය ආයතන සේවකයන්ට නම්‍යශීලී වෙයි
Related Articles
රාජ්‍ය ආයතන සඳහා නම්‍යශීලී සේවා ක්‍රමයක් හඳුන්වාදීමට යෝජනා වී තිබෙනවා. එම නිර්දේශ ප්‍රවාහන අමාත්‍යාංශ වෙතටද භාරදීමට නියමිතයි.
කෙරෝනා වසංගතය පාලනය කිරීම සඳහා වන උපදෙස් සෞඛ්‍ය අංශ විසින් මේ වන විටත් ලබාදී තිබෙනවා. සියලු රාජ්‍ය හා පුද්ගලික ආයතන සිය රාජකාරි පවත්වාගෙන යන්නේ එම උපදෙස් අනුගමනය කරමින්.
ලබන මස 05 වන දිනෙන් පසු පාසල් කටයුතු අදියර කිහිපයක් යටතේ ආරම්භ කෙරනවා. මහාමාර්ග වල වාහන තදබදයක් මෙන්ම පොදු ප්‍රවාහන සේවා භාවිතය ඉහළ යාම සිදුවන බැවින් නම්‍යශීලී සේවා ක්‍රමය හඳුන්වාදීමට යෝජිතයි. මෙම යෝජනා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ වෙතද භාරදීමට නියමිත අතර එම නිර්දේශ අනුව ඉදිරියේදී කටයුතු කෙරෙනු ඇති.