ප්‍රවීණ මාධ්‍යවේදියෙකු මෙන්ම රංගන ශිල්පියෙකු වූ සින්නයියා නඩරාජා සිවම් මහතා අභාවප්‍රාප්ත වුණා. ඒ මහතා මිය යන විට 74 වන වියේ පසුවුණා.
සින්නයියා නඩරාජා සිවම් මහතා බොහෝ කාලයක් රූපවාහිනී සහ ගුවන්විදුලි නිවේදකයෙකු ලෙස ක්‍රියාකළා. ගුවන්විදුලි, රූපවාහිනී, වේදිකා සහ චිත්‍රපට රංගන ශිල්පියෙකු ලෙස ද නිර්මාණ රැසකට ඒ මහතා දායකත්වය ලබා දී තිබෙනවා.
සිංහල මෙන්ම දෙමළ යන මාධ්‍ය දෙකෙන්ම සිය රංගන හැකියාවන් ප්‍රදර්ශනය කිරිම ද නඩරාජා සිවම් මහතාගේ විශේෂත්වයක්. ලාහිරු දහසක්, යශෝරාවය, වැනි ටෙලි නාට්‍ය මෙන්ම යුද ගිනි මැද, ත්‍රිෂූලය වැනි සිනමාපට රැසකට ද ඒ මහතා දායකත්වය ලබා දුන්නා. අභාවප්‍රාප්ත සින්නයියා නඩරාජා සිවම් මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී අද (25) දහවල් සිදුකිරීමට නියමිතයි.