මත්ද්‍රව්‍ය වැටලීම් අඛණ්ඩවම සිදු කෙරෙනවා. ඊයේ දිනයේද වැටලීම් කිහිපයක්ම සිදු කෙරුණා.
මිරිහාන එදිරිසිංහ මාවතේදී හා තලවතුගොඩ ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයන් නුගේගොඩ සහ පිටකෝට්ටේ ප්‍රදේශවල පදිංචිකරුවන්. මිරිහාන පොලීසිය මේ පිළිබඳ විමර්ශන සිදු කරනවා.
මේ අතර ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේද මත්ද්‍රව්‍ය වැටලීමක් සිදු කෙරුණා. විශේෂ කාර්ය බලකායයි වැටලීම සිදු කළේ. එහිදී ද සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ගල්කිස්ස පොලීසිය වෙත භාරදී තිබෙනවා.