fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලාභ පෙන්වන්න ලංකා ලුණු සමාගමට ජනපතිගෙන් වසරක කාලයක්

ITN News Editor
By ITN News Editor ජූනි 25, 2020 09:28

ලාභ පෙන්වීම සදහා ලංකා ලුණු සමාගමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වසරක කාලයක් ලබාදුන්නා.

එය පාඩු ලබා තිබෙන්නේ 2018 වසරේ සිට. 2016 වසරේදී සමාගම ලැබූ ලාභය කෝටි 70 ක්. එය 2017 දී කෝටි 32 දක්වා අඩු වී තිබෙනවා. 2018 වසරේ ලක්ෂ 28 ක් සහ 2019 දී එක්කෝටි අනූ එක් ලක්ෂයක් ආයතනය පාඩු ලබා ඇති බවයි හෙළිව තිබෙන්නේ.

ඒ පිලිබද සොයා බලා ලාභ ඉපයීම සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකිමක් බවයි ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ. ඒ ජනාධිපති කාර්යාලයේ පැවැති රැස්වීමකදි.

1998 වසරේදී පෞද්ගලීකරණයට සැලසුම් කර තිබූ ලුණු සංස්ථාව මහින්ද රාජපක්ෂ මහතා කම්කරු අමාත්‍යවරයා ලෙස මැදිහත් වී සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල යටතට ගෙන තිබෙනවා. ඒ අනුව ලුණු සමාගම ඉතා ඉහළ ලාභ ලබන ආයතනයක් බවට පත් වුණා.

ඉදිරි මාස හයට සහ වසරකට සැලසුම් වෙන වෙනම සකස් කර ලාභ ඉපයීමට පියවර ගන්නා ලෙසයි ජනාධිපතිතුමා දැනුම් දුන්නේ.

ITN News Editor
By ITN News Editor ජූනි 25, 2020 09:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්