fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කන්‍යාවියන් ළගට යන්න කළින් ඉන්සාෆ් බිරිඳගෙන් ඉල්ලූ දේ

ITN News Editor
By ITN News Editor ජූනි 24, 2020 17:53

සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළ ඉන්සාෆ් අහමඩ් නමැති බෝම්බකරු ප්‍රහාරයට ආසන්න දින කිහිපයකදී කටුනායක ගුවන්තොටුපොළ ඇතුලු ප්‍ර දේශ කිහිපයක සැරිසරා ඇති බවට කොමිසම හමුවේ අද අනාවරණය වුණා.

පාස්කු කොමිසම හමුවේ අද සාක්‍ෂි ලබා දුන්නේ අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන පොලිස් පරික්‍ෂක වයි ආර් රවින්ද්‍ර මහතායි. ඉන්සාෆ් අහමඞ්ගේ බිරිඳ සතුව තිබී අත්අඩංගුවට ගත් පෙන්ඩ‍්‍රයිව් දෙකක ඉන්සාෆ් බිරිඳ අමතන හඬපට දෙකක් පටිගතව තිබූ බව ඔහු සඳහන් කළා.

එක් හඬපටයක තිබුණේ අල්ලාගේ නාමයෙන් ජිහාද් සිදු කරන ලෙස අල්ලා නියෝග කර ඇති බවයි. ඒ අනුව ඔහුගේ අවසරය පරිදි තමා ස්වර්ගස්ථ වුවහොත් දියණිය නිසි ලෙස බලා ගන්නා ලෙස එහි සඳහන්ව තිබෙනවා. දෙවන හඬපටයේ සඳහන්ව ඇත්තේ දේපළ ලියා ඇති ආකාරයයි.

තමන් සතු ලෑන්ඞ් කෲසර් රථය පාඩු පිට හෝ මුස්ලිම් නොවන අයෙකුට විකුණන ලෙස එහි සඳහන්ව තිබුණා. දුරකථනය භාවිතයේ දී ප‍්‍රවේශම් වන ලෙසත් CCTV හැකිතාක් මග හරින ලෙසත් ඔහු මෙමඟින් බිරිඳට දැනුම් දී තිබෙනවා.

මේ අතර ඉන්සාෆ් අහමඞ් බෝම්බය පුපුරුවා ගැනීමට ආසන්න දින කිහිපයේ මාධ්‍ය ඔස්සේ හෙළිදරව් නොවූ CCTV දර්ශන පෙළක් ඊයේ පළමු වරට කොමිසම හමුවට ඉදිරිපත් කෙරුණා. ගුවන් තොටුපොළ ඇතුලූ ස්ථාන වෙත යන ආකාරය එහි ඇතුළත්.

 

ITN News Editor
By ITN News Editor ජූනි 24, 2020 17:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්