චීනය දිනක පී සී ආර් පරික්ෂණ ධාරිතාව මිලියන 1යි දශම දෙකයි හයකින් ඉහළ දැමීමට කටයුතු කර තිබෙනවා.
ඒ අනුව දිනක් තුළදී පී සී ආර් පරික්ෂණ මිලියන 3 යි දශම හතයි අටක් සිදු කළ හැකි බවයි චීන සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. මෙය සියයට 200 ක සාර්ථකත්වයක් බව සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පෙන්වා දෙනවා. වෛරස ව්‍යාප්තියේ දෙවන රැල්ලක් නිර්මාණය වීමත් සමගයි මෙම පියවර ගෙන තිබෙන්නේ. මේ අතර චීනය අත්හදා බැලූ වෛරසයට එරෙහි වූ එන්නතේ 3 වන අදියරේ සායනික පරික්ෂණ එක්සත් අරාබි එමීර් රාජ්‍ය තුළ සිදු කිරීමට අවසරය ලැබී ඇති බව සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පෙන්වා දෙනවා.