මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමේ වැටලීම් අඛණ්ඩව සිදු කෙරෙනවා. ඊයේ දිනයේදී ද වැටලීම් කිහිපයක් සිදු කෙරුණා.
ඊයේ පෙරවරු හයේ සිට අද අලුයම පහ දක්වා කාලය තුළ බස්නාහිර පළාතේ පමණක් මත්පැන් සහ මත්ද්‍රව්‍ය වැටලීම් 355 ක් සිදුකර තිබෙනවා. ඉන් 137 ක් හෙරොයින් වැටලීම්. ගංජා වැටලීම් 77 ක් සහ නීතිවිරෝධී මත්පැන් වැටලීම් 106 ක් ඒ අතර වන බවයි පොලිස් විශේෂ වැටලීම් ඒකකය සඳහන් කරන්නේ. එහිදී සැකකරුවන් 357 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.