දින සියයකට පසු සාමාන්‍ය ජන කටයුතු සදහා නිව්යෝර්ක් නගරය අද සිට විවෘත වනවා.
සාප්පු සංකීර්ණ හා කොණ්ඩා කපන ස්ථානයන්හි දිගු පෝලිම් දක්නට ලැබෙන බවයි වාර්තා වන්නේ. ආපන ශාලා තුළ සිට ආහාර ගැනීමට අවසර ලබාදී තිබෙනවා. කෙසේ වුවද වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ ගිය ද ටෙක්සාස් ප්‍රාන්තය නැවත වසා දැමීමට කිසිදු සූදානමක් නොමැති බවයි ආණ්ඩුකාර ග්‍රේග් ඇබර්ට් පවසන්නේ. ප්‍රාන්තය වසා දැමීම වෛරස ව්‍යාප්තිය මැඩලීමට ගතහැකි අවසාන විකල්පය බවද ඔහු සඳහන් කරනවා.