අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පසුගිය ජනාධිපතිවරණයේදි දේශපාලන කටයුතුවල නිරත වූ බවට හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා චෝදනා කරනවා. හරීන් ප්‍රනාන්දු මහතාගේ මෙම ප්‍රකාශයට විවිධ පාර්ශ්වයන්ගෙන් දැඩි චෝදනා එල්ල වනවා. හරීන් ප්‍රනාන්දු මහතාගේ මෙම ප්‍රකාශය මහත් ආන්දෝලනයට ද ලක්වුණා.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකා කතෝලික සභාව හරීන් ප්‍රනාන්දු මහතා තම මහජන නියෝජිත වගකීම ඉටු කළේ නම් කාදිනල් හිමිපාණන්ට යුක්තිය ඉල්ලා සිවිල් කටයුතුවලට මැදිහත්වීමට සිදුවන්නේ නැති බව සඳහන් කරනවා. උන්වහන්සේ කතෝලික ජනතාව වෙනුවෙන් යුක්තිය ඉල්ලා හඬ නැගීමේ ඇති වරද කුමක් ද ? පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා ගැනීමට කතෝලික අනුගාමිකයෙකු ලෙස හෝ හෘද සාක්ෂියට එකගව කටයුතු කිරීමේ හැකියාව හරීන් ප්‍රනාන්දු මහතාට තිබූ බවයි මෙම නිවේදනයේ දැක්වෙන්නේ.
ප්‍රහාරයෙන් පසුවවත් එය විහිළුවට නොගෙන මිය ගිය හා තුවාල ලැබූවන් වෙනුවෙන් පෙනී සිටිමින් යුක්තිය හා සාධාරණය ඉල්ලා හරීන් ප්‍රනාන්දු මහතාට ක්‍රියා කිරීමේ හැකියාව පැවතියා. අවම වශයෙන් තමන් දැරූ ඇමති ධුරයෙන්වත් ඉල්ලා අස් වී වගකිව යුත්තන්ට බලපෑමක් කළ යුතුව තිබූ බවයි කතෝලික සභාව පෙන්වා දෙන්නේ. මේ අනුව හරීන් ප්‍රනාන්දු මහතාගේ චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන එම සභාව කාදිනල් හිමිපාණන් ඇතුලු එම සභාව දේශපාලනයට ඈදා ගැනීමෙන් දැන්වත් වළකින ලෙසයි සඳහන් කරන්නේ. කතෝලික සභාව ආණ්ඩු පිහිටුවන්නට හෝ පෙරළා දමන්නට සෘජුව මෙන්ම වක්‍රව ද ක්‍රියා කරන්නේ නැති බව මෙම සභාව දැනුම් දෙනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/jokC8QlH0AA”]