තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළේ පෙත්සම් විභාග කිරීම සඳහා නොතීසි නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරන බවයි. පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ද අපේක්ෂකත්වය දරණ අපේ ජනබල පක්ෂය කුරුණෑගල, කොළඹ, කළුතර සහ මොණරාගල දිස්ත්‍රික් සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප කර තිබුණා. ඊට එරෙහිව මෙම පෙත්සම් ගොනු කර තිබුණේ අපේ ජනබල පක්ෂය යටතේ තරග වදින ඥානසාර හිමියන් සහ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ඇතුළු අපේක්ෂකයන් පිරිසකුයි.සිය නාමයෝජනා පත්‍රවල අන්තර්ගත දිවුරුම් සහතික කළ සාමදාන විනිසුරුවරයාගේ අත්සන නොමැති බව ප්‍රකාශ කරමින් ඒවා ප්‍රතික්ෂේප කළ බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් කටයුතු කළ බව පෙත්සම්වල සඳහන්. එහෙත් මැතිවරණ නීතියට අනුව මේ ආකාරයට නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට තේරීම්භාර නිලධාරීන්ට බලයක් නොමැති බවද පෙත්සම්වල සඳහන් වුණා.