fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඩයනාගේ ජීවිත කතාවට පණ පෙවීමට ක්‍රිස්ටන් ස්ටුවර්ට් සූදානම්

ITN News Editor
By ITN News Editor ජූනි 22, 2020 16:24

ඩයනාගේ ජීවිත කතාවට පණ පෙවීමට ක්‍රිස්ටන් ස්ටුවර්ට් සූදානම්

ඩයනා කුමරියගේ ජීවිත කතාව පිලිබඳ කියවෙන ස්පෙන්සර් චිත්‍රපටයේ ඇගේ චරිතය සඳහා පණ පෙවීමට ක්‍රිස්ටන් ස්ටුවර්ට් සූදානමින් සිටින බව වාර්තා වනවා.
බ්‍රිතාන්‍යයේ කිරුල හිමි චාල්ස් කුමරුගේ සහ ඩයනා කුමාරියගේ ජීවිත කතාව අලලා නිෂ්පාදනය කිරීමට නියමිත ස්පෙන්සර් චිත්‍රපටය 2021 වසරේ වැඩ කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇති බවයි සඳහන් වන්නේ. චිලි ඇන්ඩ් ෆැබ්ලෝ අධ්‍යක්ෂණයෙන් දායකවනවා. චාල්ස් කුමරුගේ චරිතය රඟපෑමට කිසිවෙකු මේ වන විටත් නම් කර නොමැති බවයි වාර්තා වන්නේ. ඩයනා කුමරිය 1997 වර්ෂයේදී පැරීසියේදී අනතුරට ලක් වී මිය යෑම දක්වා කතා පුවත දිග හැරෙන බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

ITN News Editor
By ITN News Editor ජූනි 22, 2020 16:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්