බංග්ලාදේශයේ හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක මෂ්රෆ් මොර්ටාසාට කොරෝනා වෛරසය වැළඳී තිබෙනවා. නස්මුල් ඉස්ලාව් හා නෆීස් ඉක්බාර් යන ක්‍රීඩකයන් දෙදෙනාට ද වෛරසය ආසාදනය වී ඇති බවයි වාර්තා වන්නේ. එරටින් වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව එක් ලක්ෂ අටදහස ඉක්මවා තිබෙනවා. මේ අතර රැකියා අහිමි වූ ඇඟලුම් කර්මාන්ත ශාලා සේවකයන් තම රැකියා නැවත ලබා දෙන ලෙස රජයට බල කරමින් උද්ඝෝෂණයේ නිරත වන බවයි වාර්තා වන්නේ.

බංග්ලාදේශයේ හිටපු ටෙස්ට් ක්‍රිකට් නායකයාට කොරෝනා
කියවීමට මිනිත්තු 0