fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාතික සම්පත් විකුණන්නේ නැහැ – අලි මිනිස් ගැටුමටත් තිරසාර විසදුමක් දෙනවා

ITN News Editor
By ITN News Editor ජූනි 21, 2020 13:27

ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව දැඩි පීඩාවට පත් කරන අලිමිනිස් ගැටුම සඳහා ස්ථිර විසදුමක් ලබා දෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. රටේ ජාතික සම්පත් විකුණන්නේ නැති ප්‍රජාතන්ත්‍රවාදය සුරකින රටක් අනාගත දරුවන්ට උරුම කරන බවයි අග්‍රාමාත්‍යවරයා අවධාරණය කරන්නේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කළ ජනහමු මාලාවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගලදී පැවැත්වුණා. මැදගම ප්‍රදේශයේ පැවති ජනහමුවට විශාල පිරිසක් ඒක්ව සිටියා. එම ප්‍රදේශයේ වැඩිහිටි කාන්තාවකට ලැබුණු වැටිහිටි දීමනාව කොවිඩ් අරමුදල සඳහා පරිත්‍යාග කිරීමද මෙහිදී සිදු කෙරුණා.

සියඹලාණ්ඩුව ප්‍රදේශයේ පදිංචිව සිටින හදිසියේ  අසනීප තත්ත්වයට පත් වූ දරුවකු නිරීක්ෂණය කර වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරන ලෙසටද අග්‍රාමාත්‍යවරයා මෙහිදී බලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

මේ අතර ඇහැටුවැව පිහිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තාරානාත් බස්නායක මහතාගේ නිවසේ පැවති ජන හමුවටද අග්‍රාමාත්‍යවරයා එක් වුණා. ග්‍රාමීය ජනතාවගේ ගැටලු විසදීම සඳහා වත්මන් රජය විශේෂ අවධානය යොමුකර ඇති බවයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor ජූනි 21, 2020 13:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්