fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එකම පවුලේ 4ක් දික්ඕවිට දී මුහුදට බිලි

ITN News Editor
By ITN News Editor ජූනි 21, 2020 13:30

වත්තල දික්ඕවිට මුහුදු තීරයේ දියනෑමට ගිය එකම පවුලේ 04 දෙනෙකු දියේ ගිලීමෙන් මිය ගොස් තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ කාන්තාවන් තුන් දෙනෙකු සහ පිරිමි පුද්ගලයකුයි.

වත්තල දික්ඕවිට සුසාන භූමිය ඉදිරිපිට මුහුදු තීරයේ දියනෑමට ගිය එකම පවුලේ ඥාතීන් පිරිසක් දියේ ගිලී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වත්තල පොලීසියට ලැබුණ තොරතුරක් මත වහාම ක්‍රියාත්මක වූ පොලීසිය නාවික හමුදා නිලධාරීන්ගේ සහ ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව දියේ ගිලෙමින් සිටි කාන්තාවන් 04 දෙනෙකු හා පිරිමි පුද්ගලයකු ගොඩට ගෙන රාගම රෝහලට ඇතුළත් කෙරුණා. එහිදී 04 දෙනෙකු මියගොස් ඇති අතර බරපතල තත්ත්වයේ සිටි කාන්තාවක දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා‍. මිය ගිය කාන්තාවන් තුන් දෙනා අවුරුදු 16  / 20 / සහ 30 යන වයස්වල පසුවන පුබුදුගම උස්වැටකෙයියාව සහ හාලිඇල , බදුල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන්. මිය ගිය පිරිමි පුද්ගලයා වයස අවුරුදු 14 ක් වන කන්දෙවත්ත කදාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය ප්‍රකාශ කළා.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 21, 2020 13:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්