වෛරස ව්‍යාප්තිය හේතුවෙන් අත්හිටුවා තිබූ මැතිවරණ ප්රචාරක කටයුතු යළි ආරම්භ කිරීම යටතේ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ප්‍රථම ප්රචාරක රැළිය පැවැත්වූවා.
මත භේදයට තුඩු දී තිබෙන ඔක්ලහෝමා ප්‍රාන්තයේ ටුල්සා නගරයේ පැවති රැළිය සඳහා මිලියනයකට ආසන්න පිරිසක් එක්වනු ඇති බවට ජනාධිපතිවරයා පවසා තිබුණා. කෙසේ වුව ද මෙම රැළිය සඳහා දහනව දහසක පමණ පිරිසක් සහභාගි වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. රැළිය සඳහා සහභාගි වූවන් මුහුණු ආවරණ පැළද නොසිටි ආකාරය ද දැඩි කතාබහට ලක්වුණා. මේ හේතුවෙන් කොරෝනා වෛරසය පැතිර යාමේ වැඩි ඉඩකඩක් පවතින බවයි සෞඛ්‍ය අංශ නිවේදනය කරන්නේ.