ඊයේ දිනයේදී මෙරටින් කිසිඳු කොරෝනා ආසාදිතයෙකු වාර්තා වී නොමැති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.
මේ වන විට මෙරටින් කොරෝනා වෛසරය ආසාදනය වුවන් 1950 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් 1472 නෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින්ගේ සංඛ්‍යාව 467 ක් බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.
ඊයේ දිනයේදී තවත් කොවිඩ් 19 ආසාදිතයින් 26 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබෙනවා.මේ වන විට රෝහල්වල වෛද්‍ය විමර්ශනය යටතේ පුද්ගලයින් 39 දෙනෙකු සිටින බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ.