උතුරු පළාතේ විශාලතම පානීය ජල ව්‍යාපෘතියේ කටයුතු අවසන්
Related Articles
උතුරු පළාතේ විශාලතම පානීය ජල ව්‍යාපෘතියේ කටයුතු මේ වනවිට අවසන්කර තිබෙනවා.
වව්නියාව දිස්ත්‍රික්කයේ පවුල් පහළොස් දහසකට පිරිසිදු පානීය ලබාදීම අරමුණුකර ගනිමින් පේරාරු ජල ව්‍යාපෘතිය ආරම්භ කෙරුණා. ඒ සඳහා වැය කළ මුදල රුපියල් කෝටි 118 ක්. අක්කර 800 ක භූමි ප්‍රදේශයක ඉදිවූ ජලාශය අක්කර අඩි 3,120 ක ජල ධාරිතාවකින් සමන්විතයි. පළමු අදියරේ දී පවුල් 4,000 ට පානීය ජලය ලබාදීම සිදුවනවා. ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍යාධාර මත ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවූ අතර දිනකට ලීටර් හයදහසක ජලය පිරිපහදු කිරීම මෙමගින් සිදුවනවා. ව්‍යාපෘතියේ කටයුතු වව්නියාව දිස්ත්‍රික් ලේකම් එස් එම් සමන් බන්දුලසේන මහතාගේ නිරීක්ෂණයට ලක්වුණා. මෙම වසර අවසන්වීමට පෙර පවුල් 15,000 ට පානීය ජලය ලබා දීම සිදුකිරීම රජයේ අරමුණයි.