fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පසුගිය පැය 24 තුළ ඉන්දියාවෙන් කොරෝනා ආසාධිතයින් 14,721ක්

ITN News Editor
By ITN News Editor ජූනි 20, 2020 16:13

දිනක් තුළ ඉන්දියාවේ වාර්තා වූ වැඩිම කොරෝනා ආසාධිතයින් පිරිස පසුගිය පැය 24 දි වාර්තාවී තිබෙනවා.

14,721 ක් ලෙසින්. මේවන විට එරට සමස්ත ආසාධිතයන් සංඛ්‍යාව තුන්ලක්ෂ අනුහයදහස  ඉක්මවා ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

එරට සමස්ත මරණ සංඛ්‍යාව 12,971ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.

තමිල්නාඩුවේ ප්‍රධාන නගරය වන චෙන්නායි නුවර ලබන 30 වනදා දක්වා යළි වසා තැබීමට ප්‍රාන්ත බලධාරීන් ඊයේ (19) කටයුතු කළා. ඊට යාබඳ තවත් දිස්ත්‍රික් 3 ක් ද මෙලෙස තාවකාලිකව වසා දැමීමටයි පියවර ගෙන තිබෙන්නේ.

තමිල්නාඩු ප්‍රාන්තයෙන් පමණක් ආසාදිතයන් පනස්දහසක් වාර්තා වෙද්දී තිස්හත් දහසක්ම චෙන්නායි වැසියන් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor ජූනි 20, 2020 16:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්