කොරෝනා උවදුරෙන් රට ආරක්ෂාකර දෙන මෙන් ඉල්ලා ප්‍රේක්ෂකයින් සමග එක්ව ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය නවගමුව පුරාණ ශ්‍රී මහා පත්තිනි දේවාලයට සිදුවූ භාරය ඔප්පු කිරීම අද (20) අලුයම සිදු කෙරුණා.
කිරිමව්රුන් 28 දෙනෙකුට දානය පිරිනැමීමටයි මෙහිදී කටයුතු කෙරුණේ. සුබ මොහොතින් පත්තිනි දේව මෑණියන්ගේ ප්‍රතිමාව නිරාවරණය කෙරුණු අතර නිවසේ සිට පිං අනුමෝදන් කිරීමට අපගේ ප්‍රේක්ෂක ජනතාවට අවස්ථාව හිමි වුණා.
ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ගරු සභාපති සුදත් රෝහණ මහතා ඇතුළු ඉහළ කළමනාකාරීත්වය මෙම අවස්ථාවට එක්වුණා. පවතින තත්ත්වය මත වැඩි පිරිසකට මේ සදහා සහභාගී වීමට අවස්ථාව හිමි නොවුනද නිවසේ සිට බෙහෝ පිරිසක් මෙම පිංකම සමග ඒක්ව සිටියා.
විහාරස්ථ සහ දේවාලයේ දායක සභාව, ශ්‍රී ලංකා පොලීසිය සහ කඩුවෙල නගර සභාව මේ සදහා තම දායකත්වය ලබා දුන්නා. රටට බලපාන සියලු උවදුරු දුරුවේයි යන ප්‍රාර්ථනය පෙරදැරිවයි පත්තිනි පූජාව අවසන් කෙරුණේ.