කොරෝනා වසංගතය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව එංගලන්තයේ රැඳීසිටි ශ්රී්ර ලාංකිකයන් 60 දෙනෙකු අද (20) උදෑසන කටුනායක ගුවන් තොටුපොළට පැමිණියා.
ඒ ශ්රී්ර ලන්කන් ගුවන් සේවයට අයත් විශේෂ යානයකින්. එංගලන්තයේ ලන්ඩන් නුවර හීත්රෝ ගුවන් තොටුපොළේ සිට පිටත්ව පැමිණි මෙම යානය උදෑසන 8.22 ට පමණ කටුනායක ගුවන් තොටුපොළට පැමිණි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
ඔවුන් සියලුදෙනා කටුනායක ගුවන් තොටුපොළේදීම පී සී ආර් පරික්ෂණ සඳහා යොමුකර තිබෙනවා.