තම දේශසීමාව ආරක්ෂා කරන බවට ඉන්දීය අගමැතිගෙන් ප්‍රතිඥා
Related Articles
තම දේශසීමාව ආරක්ෂා කරන බවට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රතිඥා දී තිබෙනවා.
අවශ්‍ය වුවහොත් ඒ සඳහා හමුදාව යොදවන බවයි ඔහු සඳහන් කරන්නේ. චීන හමුදා සමඟ ඇතිවූ ගැටුම් වලින් විසි දෙනෙකු මියයාමත් සමඟයි අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළකර තිබෙන්නේ.
කිසිදු විදේශීය සොල්දාදුවෙකු තම භූමිය තුළ නොමැති බව ද නරේන්ද්‍ර මෝදි මහතා සඳහන් කළා. එමෙන්ම කිසිදු භූමි ප්‍රදේශයක බලය තමන් අතින් ගිලිහී නොමැති බව ද ඉන්දීය අගමැතිවරයා සඳහන් කර තිබෙනවා.