ප්‍රබල කප්පම්කරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රනාල ප්‍රදේශවලදී අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ.
දැනට බන්ධනාගාර ගතව සිටින ඉදුනිල් කුමාර හෙවත් ඉන්ද්‍රා නැමැති පාතාල කල්ලි සාමාජිකයා සමග දුරකතනයෙන් සම්බන්ධවෙමින් කප්පම් ගැනීම් සිදු කළ ලකිත රවිෂාන් ජයතිලක හෙවත් ”පුයිටා ”නැමැත්තා රණාලදී අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් විශේෂකාර්ය බලකායයි.
සැකකරු සන්තකයේ තිබී කඩුවක්, ජංගම දුරකතනයක්, සිම්කාඩ් 56 ක් සහ ටී -56 ගිනිඅවියකට යොදන උණ්ඩයක හිස් කොපුවක්ද සොයා ගැනුණා.